
ප්‍රධාන පුවත්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්
ප්‍රබල අකුණු ගැන කාලගුණ අවවාදාත්මක නිවේදනයක් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර තිබේ.
අද (01) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය පස්වරු 11.30 දක්වා වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දී තිබේ.
එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



