අධ්‍යාපන

2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණයට අදාළ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇත.

ඒ අනුව විභාග අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk⁠� හෝ විභාග ප්‍රතිඵල වෙබ් අඩවිය⁠� වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.

එහිදී විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව පවතී.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා තොරතුරු ලබාගත හැකිය.

ඒ සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය මෙන්ම 0112 784208, 0112 784537 සහ 0112 785922 යන දුරකථන අංකද භාවිත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්විණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button