
උණුසුම් පුවත්
සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්
සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ් කර තිබේ. අල්ලස් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් ඇය ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇත.



