
ප්‍රධාන පුවත්
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අද (24) විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ජලාශයේ පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම පියවර ගත් බව ජලාශභාර ඉංජිනේරුවරු සඳහන් කරති.
තවදුරටත් අධික වැසි පවතින තත්ත්වයක් ඇති වුවහොත් ඉහළ කොත්මලේ ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමට නියමිතය.
එබැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.
මේ අතර, ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.



