
උණුසුම් පුවත්
ක්‍රිෂ් නඩුවට අදාළව අධිකරණයෙන් නියෝගයක්
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට නිසි ක්‍රමවේදය අනුව සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛවල සඳහන් විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රියාපටිපාටිය අනුව එම කටයුතු සිදුකරන ලෙස මහාධිකරණය දැනුම් දී ඇත.
අදාළ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසුව, කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය මෙම නියෝගය ලබාදී තිබේ.



