
දිවයින පුරා ලන්ච්ෂීට් සහ ‘සිලි සිලි’ බෑග් වැටලීම්
ලන්ච්ෂීට් සහ සිලි සිලි බෑග් වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් නීති උල්ලංඝනය කළ අවස්ථා 104ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
දිස්ත්‍රික් කාර්යාල මගින් ලබාදී ඇති මූලික වාර්තා අනුව මෙම වැටලීම් දිස්ත්‍රික්ක 22ක් ආවරණය කර තිබේ.
එහිදී Lunch Sheets සම්බන්ධ නීති උල්ලංඝන 43ක්, LDPE/LLDPE වර්ගයේ ‘සිලි සිලි’ බෑග් සම්බන්ධ උල්ලංඝන 58ක් සහ වෙනත් පොලිතින් ආශ්රිත උල්ලංඝන 3ක් වාර්තා වී ඇත.
2019.11.29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 70 යටතේ Food Wrappers/Lunch Sheets සඳහා නියම කර ඇති ලේබල් කිරීමේ අවශ්‍යතා අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු බව අධිකාරිය පෙන්වා දෙයි.
වැටලීම් අතරතුර එම නියමයන්ට අනුකූල නොවන Lunch Sheets තොග දිස්ත්‍රික්ක කිහිපයකින් සොයාගෙන ඇති අතර, ඒවා අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ.
එමෙන්ම 2025.10.01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 95 අනුව LDPE/LLDPE වර්ගයේ බෑග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදීම තහනම් කර ඇත.
එවැනි බෑගයක් පාරිභෝගිකයෙකුට ලබාදෙන අවස්ථාවකදී එහි මිල වෙළෙඳ ස්ථානයේ පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර, බෑගය වෙනුවෙන් අය කරන මුදල පාරිභෝගිකයාට ලබාදෙන බිල්පතෙහිද සඳහන් කළ යුතුය.
වැටලීම්වලදී හඳුනාගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් දක්වා සැපයුම් දාමය ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
එම විමර්ශනවලින් අනාවරණය වන කරුණු මත අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය සඳහන් කරයි.
අධිකරණය භාරයට ගත් භාණ්ඩ අදාළ නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, Lunch Sheets සහ ‘සිලි සිලි’ බෑග් සම්බන්ධ වෙළෙඳපොළ පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් වේ.



