උණුසුම් පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට – 12.5kg සිලින්ඩරය රු. 4,630ක්

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට සමාගම තීරණය කර තිබේ.

නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,630ක් ලෙස නියම කර ඇත.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබෙන අතර, ඒ අනුව එම සිලින්ඩරයේ නව මිල රුපියල් 1,862ක් වේ.

මෙම නව මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලාෆ්ස් සමාගම වැඩිදුරටත් දැනුම්දී තිබේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button