ප්‍රධාන පුවත්

අධිවේගයේ සියලු මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ග ආසන පටි නීතිය අද (19) සිට අනිවාර්ය කර තිබේ. ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳ සිටිය යුතුය.

මෙම නීතිය මීට වසරකට පමණ පෙර ප්‍රකාශයට පත් කර තිබුණද, ඇතැම් වාහනවල පසුපස ආසන සඳහා ආසන පටි සවි කර නොතිබීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව පසුපස ආසන සඳහාද අවශ්‍ය ආසන පටි සවි කර ගැනීමට ලබාදී තිබූ වසරක සහන කාලය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

එම කාලසීමාව අවසන් වීමත් සමඟ අද සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් අදාළ නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button