
රුමේෂ් තරංගට ඩඩ්ලිගෙන් වසරකට හෙල්ලයක්
රුමේෂ් තරංග වෙනුවෙන් සෑම වසරකම ලොව ඉහළම තත්ත්වයේ හෙල්ල විසිකිරීමේ කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත් වී තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන තරගාවලි රැසකදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත්ව සිටින රුමේෂ්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා මෙම සහාය ලබාදීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මහතා අදාළ අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟ වී තිබේ.
රුමේෂ්ට හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ ඉලක්කය කරා යාමට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදෙන බවටද ඩඩ්ලි සිරිසේන මහතා පුහුණුකරු වෙත පොරොන්දු වී ඇත.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රජය ලබාදෙන හෙල්ල විසිකිරීමේ කට්ටලයට අමතරව, ලොව ඉහළම තත්ත්වයේ හෙල්ල කට්ටලයක් සෑම වසරකම රුමේෂ්ට ලබාදීමට ඩඩ්ලි සිරිසේන මහතා තීරණය කර තිබේ.



