
සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට නොවැම්බර් 30 දක්වා අවස්ථාව
සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අද (19) සිට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්ගගත පහසුකම්
ඒ අනුව 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල පවතින අඩුපාඩු හෝ වැරදි තොරතුරු නිවැරදි කර ගැනීම සඳහා නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය ලබාදී ඇත.
මෙම සංශෝධන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම් සලසා තිබේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිය යුතුය. ඒ සඳහා දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කළ යුතු බව දැනුම් දී තිබේ.
පෞද්ගලික අයදුම්කරුවන්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය යොදා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ සංශෝධන සිදුකර ගැනීමට හැකියාව පවතී.
එහිදී නම, ලිපිනය, විෂයයන්, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල පවතින වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව හිමිවේ.
2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519ක් සූදානම් කර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා ලබාදී ඇති නොවැම්බර් 30 දිනට පසු එම කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.



