
දුම්රිය වර්ජනයෙන් රාත්‍රී ගමන්වාර 6ක් අවලංගු වෙයි
දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6ක් අවලංගු වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ.
හෙට (17) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය වර්ජනයට පෙර අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක ගමන්වාර මෙලෙස අවලංගු විය හැකි බව සඳහන් වේ.
ඒ අනුව රාත්‍රී 7.00ට කොළඹ කොටුවෙන් මඩකළපුව බලා පිටත්වීමට නියමිත දුම්රිය සහ රාත්‍රී 8.00ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය අවලංගු වනු ඇති බව වාර්තා වේ.
මීට අමතරව රාත්‍රී 9.30ට මඩකළපුව බලා ධාවනය කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු වීමට නියමිත බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන බලධාරීන් මේ දක්වා නිශ්චිත නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
ඒ අනුව දුම්රිය මගීන්ට ගමන් කිරීමට පෙර අදාළ දුම්රිය ධාවනය පිළිබඳ නිල තොරතුරු පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.



