
ශානිට සහ රවීට වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ශානිට සහ රවීට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදීමෙන් අනතුරුවය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම සිද්ධියට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු සම්බන්ධ බවට අධිකරණ තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන දෙදෙනාට රුපියල් 50,000 බැගින් ගෙවිය යුතු බවට නියෝග කර තිබේ.
එමෙන්ම අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින්ද ඔවුන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කර තිබූ එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.



