ප්‍රධාන පුවත්

තායිලන්තයෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා – 10,000ට අවස්ථාව

තායිලන්තයෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථාවක් ඒ අනූව ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

තායිලන්තයේ පවතින ශ්‍රම අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමිවීමට නියමිතය.

ශ්‍රී ලාංකිකයින් එම රැකියා සඳහා යොමු කිරීමට අදාළව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විශේෂ ගිවිසුම් දෙකක් ඊයේ (14) අත්සන් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ තායිලන්ත සංචාරය අතරතුරදී මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්‍රයේ පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ගිවිසුම්වලට එළඹ ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button