
සෞඛ්‍යය
දින 13කදී ඩෙංගු රෝගීන් 2,146ක්
ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු සැප්තැම්බර් මාසයේ ගතවූ පළමු දින 13 තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, මෙම වසරේ මේ දක්වා දිවයිනෙන් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,637ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 20,742කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,235ක් වාර්තා වී ඇති අතර, මහනුවරින් 7,291ක් සහ කළුතරින් 6,247ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.



