
උණුසුම් පුවත්
ගෝඨාභය FCIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
ගෝඨාභය FCIDයට පැමිණ ඇත්තේ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ කැඳවීමකට අනුවය.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ FCID වෙත පැමිණ තිබුණි.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශ ලබාගැනීම් සිදුකරන බව සඳහන් වේ.



