උණුසුම් පුවත්

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයක් දරුවන් දෙදෙනෙකු මරුට

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයක්

හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී තුවාල ලැබූ දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකි. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ.

මියගිය දරුවන්ගේ මෘත ශරීර මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ප්‍රහාරය එල්ල කිරීමට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලීසිය කටයුතු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button