ප්‍රධාන පුවත්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රමාද කළ අයට දඩ අය කිරීමට පෙර හේතු විමසයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නියමිත දිනට පසුව ඉදිරිපත් කළ තැනැත්තන්ගෙන් පරිපාලන දඩ මුදල් අය කිරීමට පෙර, එම ප්‍රමාදයට හේතු දැක්වීමට අවස්ථාව ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නියමිත දිනය පසු කළ ප්‍රකාශ

2026 ජුනි 30 වන දිනෙන් පසුව සහ නියමිත දිනය වන 2026 අගෝස්තු 31 පසුව ඉදිරිපත් කරන ලද වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සඳහා මෙම තීරණය අදාළ වේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තිය අනුව ප්‍රමාද වූ දින ගණනට අදාළ පරිපාලන දඩ මුදල අය කිරීම නීත්‍යානුකූලව සිදු කළ යුතු බවයි.

සාධාරණ හේතුවක් ඇත්නම් දැනුම් දෙන්න

කෙසේ වෙතත්, අදාළ ප්‍රමාදය සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් පවතින්නේ නම් එය කොමිෂන් සභාව වෙත දැනුම්දීමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රමාදයට හේතුව තහවුරු කළ හැකි ලේඛනද සමඟ අදාළ කරුණු ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

එම කරුණු 2026 සැප්තැම්බර් 30 වන දිනට හෝ ඊට පෙර කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button