ප්‍රධාන පුවත්

ශ්‍රව්‍යාබාධිතයන්ට 119 ඇමතීමට WhatsApp හරහා නව පහසුකමක්

ශ්‍රව්‍යාබාධිතයන්ට 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

මෙම නව සේවාව මෙම මස 10 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ස්ථිර කෙටි දුරකථන අංකයක් හඳුන්වාදෙන තෙක් විශේෂ ක්‍රමවේදයක් යටතේ එම පහසුකම ලබාගත හැකි බව පොලීසිය සඳහන් කරයි.

160 වන පොලිස් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

119 සේවාවට සම්බන්ධ වන ආකාරය

මේ සඳහා පළමුව 011-2809980 යන දුරකථන අංකය ජංගම දුරකථනයේ සුරැකිය යුතුය.

අනතුරුව WhatsApp හරහා එම අංකයට Audio Call එකක් ලබාදිය යුතු අතර, එම ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වූ පසු ජංගම දුරකථනයට විශේෂ සබැඳියක් ලැබෙනු ඇත.

එම සබැඳිය හරහා පිවිස “Join Browser” යන විකල්පය තෝරා, පසුව “Join Meeting” වෙත යොමුවිය යුතුය.

මෙම ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු වීඩියෝ ඇමතුමකට සම්බන්ධ විය හැකි අතර, ඒ ඔස්සේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට තම පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ ආරක්ෂාව සහ පහසුව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ සේවාව හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button