
වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට පානීය ජලය අඛණ්ඩව
වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට පානීය ජලය අඛණ්ඩව
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය බෙදාදීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්ක 6කට ජලය
එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ මොනරාගල, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පීඩාවට පත් ජනතාව සඳහා පානීය ජලය අඛණ්ඩව බෙදාදෙමින් සිටින බවයි.
පීඩාවට පත්වූ පිරිස ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් මේ වන විට වාර්තා වන බවද ඔහු පැවසීය.
අදාළ ප්‍රදේශවලට මේ දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව සඳහන් කළ ඒ මහතා, මෙම මාසය අවසන් වන තෙක් පීඩාවට පත්වන පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවද පෙන්වා දුන්නේය.
ජලය නොලැබුණොත් දැනුම් දෙන්න
වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට මේ දක්වා පානීය ජලය නොලැබී ඇත්නම් හෝ ජලය ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම්, ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
එමෙන්ම පානීය ජලය සපයා ගැනීමේ ගැටලු පිළිබඳව 071 680 7807 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී දැනුම්දිය හැකිය.
එලෙස ලැබෙන තොරතුරු අදාළ අංශ වෙත යොමු කරමින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.



