ප්‍රධාන පුවත්

විදෙස් ණය ඉහළ ගොස් ඇති බවට ප්‍රචාර අසත්‍යයි – ඇමති අනිල් ජයන්ත

විදෙස් ණය ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ආණ්ඩුවේ විදෙස් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්වයන් සිදුකරන ප්‍රකාශ කිසිදු නිල දත්ත පදනමකින් තොර ඒවා බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මහ බැංකුව මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින් ආණ්ඩුවේ සමස්ත ණය රුපියල් බිලියන 190කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත්, එම වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති අතර, එහි සඳහන් ඇතැම් දත්තද නිවැරදි නොවන බව ඔහු පෙන්වා දෙයි.

රජයේ ණය සම්බන්ධයෙන් නිල සහ වගකීම් සහගත තොරතුරු කාර්තු වශයෙන් නිකුත් කරන Debt Bulletin වාර්තා හරහා ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එම වාර්තාවල දේශීය හා විදේශ ණය මෙන්ම එක් එක් රටවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරුද ඇතුළත් වන බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව, බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරද එම නිල වාර්තාවලින් පැහැදිලිව ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, ණය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කිරීමේදී නිල ලේඛන සහ දත්ත පදනම් කරගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, නිල දත්ත අනුව ආණ්ඩුවේ ණය එවැනි ආකාරයකින් ඉහළ ගොස් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button