
ඩෙංගු මරණ 78 දක්වා ඉහළට
ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වසරේ මේ දක්වා 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 100,871 දෙනෙකු වාර්තා වී ඇති අතර, සමස්ත රෝගීන් අතර මරණ අනුපාතය 0.077%ක් ලෙස දැක්වේ.
වාර්තා වී ඇති රෝගීන්ගෙන් 52.45%ක් එනම් 52,906 දෙනෙකු බස්නාහිර පළාතට අයත් වේ.
දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 21,377කි. කොළඹින් රෝගීන් 19,759ක්, මහනුවරින් 7,689ක්, කළුතරින් 6,400ක් සහ මාතරින් 6,305ක් වාර්තා වී තිබේ.
මාසික වාර්තා අනුව ඔක්තෝබර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 151 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 5,230ක් වාර්තා වී ඇත.
මෙවර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් වාර්තා වී තිබේ.
මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.



