
උණුසුම් පුවත්
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ජනප්‍රිය වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වැනි වියේ පසුවිය.
ජනප්‍රිය ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වන ප්‍රියංකර පෙරේරා මහතා ගායන ක්ෂේත්රයට ගීත රැසක් එක් කළ අතර, රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදී තිබේ.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් එක්ව ඇති ප්‍රියංකර පෙරේරා මහතා, “සුපුන් සඳක්”, “සඳුන් ගසේ සමන් වැලක්”, “සිකුරුලියා” සහ “අගාධ සාගරයේ” ඇතුළු ජනප්‍රිය ගීත හරහාද රසිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියේය.



