දේශපාලන

රනිල් වික්‍රමසිංහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණේ

2026 ජනවාරි 28

පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දහවල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

 

ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, තම බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගමන් කිරීමේදී රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, පසුව ඔහු අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ හිටපු ජනාධිපතිවරයා නිදහස් කිරීමට නියෝග කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button