විශේෂාංග

ගෙදරදීම හදමු චිකන් බිරියානි / Chicken Biriyani

  ගෙදරදීම රස ට හදමු 

                චිකන් බිරියානි / Chicken Biriyani 

                      

 

📥 අවශ්‍ය ද්‍රව්‍ය – 

 

            ✒️ කීරී සම්බා හාල් 300g

            ✒️ චිකන් 300g 

            ✒️ ලොකු තක්කාලි ගෙඩියක් 

            ✒️ ලොකු බී ළුණු ගෙඩියක් 

            ✒️ සුදු ළුණු බික් 3ක් 

            ✒️ රම්ප , කරපිංචා , ඉගුරු කැල්ලක් 

            ✒️ කුරුඳු කෑල්ලක් 

            ✒️ බේ ලීව් කොළයක්

            ✒️ බිරියානි මල් 

            ✒️ එනසල්

            ✒️ කරාබුනැට් 2 බැගින් 

            ✒️ රස අනුව ලුනු 

            ✒️ මිරිස් කුඩු තෙ හැදි 1/2

            ✒️ ගම්මිරිස් කුඩු තෙ හැදි 1/2

            ✒️ කහ කුඩු තෙ හැදි 1/2

            ✒️යෝගට් හෝ කිරි මේස හැදි 2ක් 

            ✒️දෙහි ස්වල්පයක් 

            ✒️ මින්ච් කොල කොත්තමල්ලි කොළ   

            ✒️බුරියානි පඩුඩර් 

            ✒️ මිරිස් ,ගම්මිරිස් 

            ✒️ කොත්තමල්ලි කොළ ටිකක් 

            ✒️ කජු, ප්ලම්ස් ටිකක් 

             ✒️පොල් තෙල් 

 

📜සාදන ක්‍රමය – 

 

🔖මුලින්ම චිකන් සොදල වතුර බේරල මිරිස් කුඩු ගම්මිරිස් ,බුරියානි පවුඩර් කහ එක් කර බෙන්ඩර් කරගත් ඉගුරු සුදු ලුණු රම්ප කරපිංචා කුරුඳු පෙස්ට් හා කිරි හෝ යොගට් එක් කර ලුනු කුඩු ටිකක්  එක් කර හොදින් කලවම් කර දෙහි ස්වල්පයක් එක් කර ශීතකරනයේ තියන්න.

 

🔖 පැය බාගයකින් පසු හට්ටියකට තෙල් ස්වල්පයක් දාල රත් වෙන කොට බී ළුණු ටිකක් බැදගන්න..

 

🔖 ඉගුරු සුදු ලුණු පේස්ට් ටිකක් දාල හොදට බැදුනම අර තක්කාලි හා චිකන් මිශ්‍රණය එක් කර හොදින් තෙම්පරාදු කරන්න. මින්චි කොල කොත්තමල්ලි කොල එක් කර  දැන් අවශ්‍ය පමණට වතුර එක් කර බාගෙට තම්බ ගන්න..

 

🔖සෝදා ගත් සහල් රයිස් කුකර් එකට දාල බටර් තේ හැන්දක් රම්ප කරපිංචා කුරුදු, බේලිෆ් කොල එක් කර පිසගත් චිකන් මිශ්‍රණය එක් කර බත පිස ගැනීමට අවශ්‍ය පමණට වතුර එක් කර හොදින් කලවම් කර බත පිසගන්න ..

 

🔖 දැන් සිහින්ව කපාගත් බී ළුණු ගැඹුරු තෙලේ බැදගන්න කජු  මිදි හා බිත්තරත් බැදගන්න.

 

🔖 බත පැසුනු පසු හොදින් කලවම් කර උඩින් බැදගත් කජු මිදි සහ බැදගත් බිත්තරයක් එක් කර ගන්න.. තව රයිතා ටිකකුත් සදා මේ ආකාරයට ලස්සනට පිළිගන්වන්න ..

 

🏮ඔන්න අපේ රස ම රස චිකන් බිරියානි එක ලෑස්තී.. ඇත්තටම හරිම රසයි ඔයාලත් try කරලා රස බලන්න..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button