
RMV දත්ත වෙනස් කිරීමේ සැකය ගැන විමර්ශනයට සියලු දත්ත වලානට
RMV දත්ත වෙනස් කිරීමේ සැකය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අඩංගු සියලුම දත්ත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් සුරක්ෂිතව ලබාගෙන තිබේ.
RMV දත්ත වෙනස් කිරීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක්
පොලිසිය සඳහන් කළේ මෙම දත්ත ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා පැය 24කට වැඩි කාලයක් ගත වූ බවයි.
ඒ අනුව අදාළ පරිගණක පද්ධතියේ අභ්‍යන්තර දත්ත වෙත ප්‍රවේශ වෙමින් සියලු තොරතුරු ඉතා ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ පිටපත් කර ගැනීමට විශේෂඥ කණ්ඩායම සමත්ව තිබේ.
ලබාගත් දත්ත සමුදාය පදනම් කරගනිමින් ඉදිරියේදී පුළුල් හා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය තුළම ඇතැම් දත්ත වෙනස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම පද්ධතියේ සිදුව ඇති බවට සැක කෙරෙන අක්‍රමිකතා සහ දත්ත වෙනස් කිරීම් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



