
ප්රධාන පුවත්
ඩේසි ෆොරස්ට් නඩුවෙන් නිදහස් – යෝෂිත රාජපක්ෂ නිවැරදිකරු බව කියයි
ඩේසි ෆොරස්ට් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය මෙලෙස අදාළ නඩුවෙන් නිදහස් කර ඇත.
විත්තිකාරියට නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය ලබා දී තිබේ.
මේ අතර, එම නඩුවට අදාළව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එල්ල වී ඇති චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා ප්රකාශ කර ඇත.
අදාළ චෝදනා අද (03) විවෘත අධිකරණයේදී කියවා දුන් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස තම නිර්දෝෂීභාවය ප්රකාශ කර තිබේ.



