ප්‍රධාන පුවත්

කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව යළි ලබාදීමට පියවර

කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව යළි ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයෙන් මීට පෙර ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට මෙලෙස පියවර ගෙන ඇත.

විහාරස්ථානයේ කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, විහාරස්ථානය සඳහා අවශ්‍ය කුරුන්දි විහාරයේ පොලිස් ආරක්ෂාව කඩිනමින් යළි ලබාදීමට පියවර ගන්නා බව විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, මුලතිව් කුරුන්දි රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව යළි තහවුරු කිරීම සඳහා පොලිස් ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button