අද විශේෂ

රන් පවුම රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමත් සමග මෙරට රත්‍රං මිල ද තවදුරටත් වැඩිවී තිබේ.

2026 ජනවාරි 28

අද (28) වන දින වන විට වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 5,250 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඊට සමගාමීව, කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළෙන් නිකුත් කළ නවතම දත්ත අනුව රත්‍රං මිල සමස්ථයෙන් රුපියල් 10,000කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,600ක් ලෙස සටහන් විය.

මේ අතර, ඊයේ (27) රුපියල් 394,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 405,000 දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button