අද විශේෂ

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති මරුට

  • ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

ගුවන් යානය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බරමති ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපොළ ආසන්නයට ගොඩබැසීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අද (2026/01/28) දින බරමති නගරයේ පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා අජිත් පවර් මහතා උදෑසන මුම්බායි නගරයෙන් පිටත්ව ගොස් තිබූ බවද වාර්තා වේ.

අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක අංශ සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button