ප්‍රධාන පුවත්

අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි තැනට

ලොව අවම වැටුප් ලබන රටවල් සම්බන්ධයෙන් සිදුකර ඇති නවතම ශ්‍රේණිගත කිරීමකදී ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පදනම් කරගනිමින් විෂුවල් කැපිටලිස්ට් වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර, එක් එක් රටේ මාසික අවම වැටුප සහ එහි ජනතාවගේ ක්‍රය ශක්තිය සැලකිල්ලට ගෙන ඇත.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය, හයිටි, ඝිනියා, ඝානා සහ ගැම්බියා යන රටවල් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුප ක්‍රය ශක්තියට ගැළපෙන ආකාරයෙන් ගණනය කිරීමේදී අමෙරිකානු ඩොලර් 200කට ආසන්න අගයක් ලෙස වාර්තාවේ දක්වා ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 66,000කට ආසන්න වේ.

ආසියානු රටවල් අතර වැඩිම අවම වැටුප වාර්තා කර ඇත්තේ දකුණු කොරියාව වන අතර, එරට අදාළ අගය අමෙරිකානු ඩොලර් 2,366කි.

මේ අතර, සමස්ත ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ස්විට්සර්ලන්තය වන අතර, එරට අවම වැටුප අමෙරිකානු ඩොලර් 3,804ක් ලෙස දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button