
නේපාලයට ගංවතුරක් අතුරුදන් වූවන් අතර විදේශිකයින් 291ක්
නේපාලයට ගංවතුරක්
නේපාලයේ ඇතිවී තිබෙන නේපාල ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයට මෙම ගංවතුර තත්ත්වය බලපා තිබේ.
දේශසීමාව ආසන්නයෙන් ගලා බසින බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීමෙන් විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා ඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් මෙලෙස හදිසියේ හිම දියවීම සිදුවන්නට ඇති බවටද සැක පළ වී තිබේ.
ගංවතුර හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයෙන් වැටී ඇති මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් සිදුව ඇති සමස්ත හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.



