
අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනයට පනත් කෙටුම්පතක්
විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නියෝග මත ඊයේ (24) අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන් වේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නව සංශෝධන
මෙම පනත් කෙටුම්පත මගින් විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතට සංශෝධන කිහිපයක් එක්කර ඇති අතර, නව යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අදාළ ආඥා පනතේ 54 වැනි වගන්තියේ පළමු උප වගන්තියේ සඳහන් හෙරොයින්, කොකේන්, මොෆීන් සහ අබිං යන මත්ද්‍රව්‍ය වර්ගවලට අමතරව මෙත්ඇම්පිටමින් යන වචනය ද ඇතුළත් කර ඇත.
මීට අමතරව, රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් මෙන්ම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් සඳහා ලබාදෙන දඬුවම් සම්බන්ධයෙන් ද නව සංශෝධන හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග ගැනත් අවධානය
මත්ද්‍රව්‍ය වරදකට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී විමර්ශන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම පනත් කෙටුම්පතට විධිවිධාන ඇතුළත් කර ඇති බව සඳහන් වේ.



