
උණුසුම් පුවත්
පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22දා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.



