උණුසුම් පුවත්

2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ

2027 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, 2027 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

2027 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු 03 වැනිදා සිට අගෝස්තු 28 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, 2027 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button