Uncategorized

රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස පත්කෙරේ

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත් කර තිබේ.

පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර, රංජිත් රාජසිංහ මහතා අගෝස්තු 25 වැනිදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

මීට පෙර පසුගිය මාර්තු මාසයේ සිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, අධිකාරිය තුළ පැවති පරිපාලනමය ගැටලු හේතුවෙන් සුනිල් ජයරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ.

එම ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා රංජිත් රාජසිංහ මහතා පත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button