කාලගුණය

අද සවස 1ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (18) දිනයේ සවස 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

 

ඒ අනුව උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

 

විශේෂයෙන්ම නැගෙනහිර හා ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි වාර්තා විය හැකි බව ද සඳහන් වේ.

 

මේ අතර සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

මධ්‍යම හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button