Uncategorizedකාලගුණය

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100 ඉක්මවූ වැසි

අද මි.මී. 100 ඉක්මවූ වැසි උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ප්‍රදේශවලට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button