
වාහන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් ඇති බැවින් වාහන සහ යතුරුපැදි නතර කර තැබීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ රියදුරන් සහ යතුරුපැදිකරුවන් නොසැලකිලිමත් ලෙස වාහන නතර කර තැබීම හේතුවෙන් ඒවා සොරාගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවයි.
එවැනි අවස්ථාවල වාහන තුළ තිබූ වටිනා ලියකියවිලි සහ භාණ්ඩද සොරාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල එන්ජිම පණගන්වා තබා වෙනත් කටයුතුවල නිරත වීම මෙන්ම යතුරු වාහනය තුළම තබා යාමද සොරකම් සඳහා අවස්ථාවක් බව පොලීසිය පෙන්වා දෙයි.
නිවසේ එළිමහනේ වාහන නතර කර තැබීමේදී ගේට්ටුවලට අගුලු නොදැමීම හේතුවෙන්ද වාහන සහ යතුරුපැදි සොරාගෙන යාමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ජනාකීර්ණ ස්ථානවල වාහන නතර කරන්නේ නම් ආරක්ෂක නිලධාරීන් දැනුවත් කරන ලෙසත්, සාප්පු සංකීර්ණවලදී එහි ආරක්ෂක නිලධාරියෙකු හෝ සේවකයෙකුට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් ඔහු උපදෙස් ලබා දුන්නේය.
රාත්‍රී කාලයේදී අඳුරු හෝ හුදෙකලා ස්ථානවල වාහන නතර කර තැබීමෙන් වළකින ලෙසද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
වාහනයක් සොරකම් කර ඇති බව දැනගත් වහාම 119 හෝ 118 පොලිස් හදිසි ඇමතුම් අංක වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



