ප්‍රධාන පුවත්

නොරොච්චෝල බලාගාරය හෙට සිට යළි ක්‍රියාත්මක කිරීමට පියවර

නොරොච්චෝල බලාගාරය හෙට සිට යළි ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) පවසයි. ඒ අනුව, බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමෙන් විදුලි කප්පාදුවක අවශ්‍යතාව ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය සෙනසුරාදා විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම අත්හිටුවීමට සිදු විය. එම සිදුවීමෙන් අනතුරුව නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද නතර වූ අතර, එහි බලපෑම හේතුවෙන් පසුගිය දින දෙක තුළ දිවයින පුරා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරිණි.

අද (21) දිනයේදී ද එම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බව සඳහන් වේ. කෙසේ වෙතත්, හෙට (22) සිට නොරොච්චෝල බලාගාරය යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඉන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇති බව NSO වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button