
මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි
මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට වන්දි පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරිණි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත් වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔහුගේ ඥාතීන් සහ දූ දරුවන් වෙත ලබාදීමට මෙහිදී පියවර ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අතරතුර බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ඒ අනුව ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙම වන්දි මුදල් මියගිය නිලධාරීන්ගේ ඥාතීන් වෙත පිරිනැමීම සිදු කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා පැවසුවේ, මෙවැනි අනපේක්ෂිත අවස්ථාවකදී අදාළ බන්ධනාගාර නිලධාරීන්ගේ සියලු තොරතුරු ලබාගැනීමකින් තොරව වන්දි මුදල් කඩිනමින් ගෙවීමට රක්ෂණ භාර අරමුදල තීරණය කළ බවයි.
එමෙන්ම බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත මහතා සඳහන් කළේ, මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට අමතරව තවත් සහන රැසක් ලබාදීමේ වැඩපිළිවෙළක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවයි.



