ප්‍රධාන පුවත්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නීතිඥ සංගමයෙන් සජිත්ට පිළිතුරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතිචාර දක්වා තිබේ.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් ලැබෙන තෙක් එය කල්දමන ලෙස නීතිඥ සංගමය විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම කාලෝචිත යෝජනාවක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

එය ජාතික වැදගත්කමක් ඇති කරුණක් බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගනු ඇතැයි අපේක්ෂා කරන බවද එම සංගමය සිය ලිපියෙන් සඳහන් කර ඇත.

එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කරන කරුණු සහ පවතින ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවද එහි දැක්වේ.

කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය ප්‍රකාශයට පත් කළ ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බව පෙනී යන බවද නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

  • විපක්ෂය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පළ කර තිබුණද, කරුණු පැහැදිලි කිරීමේ සැසියක් පැවැත්වීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට අවස්ථාව ලැබෙනු ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button