ප්‍රධාන පුවත්

පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භයි

පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් යටතේ මෙම පාස්කු නඩුව ගොනු කර ඇත.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජෙසීම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන් සහ මීරා සහිර් මොහොමඩ් නෆ්ලි යන විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට සිය ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

මෙම පාස්කු නඩුවේ විත්තිකරුවන් ලෙස පුද්ගලයින් 24 දෙනෙකු නම් කර ඇති අතර, ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සඳහන් වේ.

විත්තිකරුවන් විසින් විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම ඉදිරියටත් සිදුකිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button