ප්‍රධාන පුවත්

ළමා හිංසන පැමිණිලි සැලකිය යුතු ලෙස ඉහලට

ළමා හිංසන පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම, අත්හැර දැමීම මෙන්ම ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මාසයකට පැමිණිලි 600ත් 1,000ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බවයි.

ළමා හිංසනයට සම්බන්ධ වැරදි සිදුකරන මව්පියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ඒ අනුව අවුරුදු 2කට වැඩි සහ අවුරුදු 10කට අඩු සිරදඬුවමක් ලබාදිය හැකි බවත් නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button