
ගොතටුව රාජගිරිය රථ වාහන සීමා – පොලීසියෙන් දැනුම්දීමක්
ගොතටුව රාජගිරිය රථ වාහන සීමා කිරීමක්
ගොතටුව මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් ගොතටුව රාජගිරිය රථ වාහන සීමා කිරීමට පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (30) පස්වරු 6.30 සිට පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බැවින් පෙරහැර ගමන් ගන්නා මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරන බවයි.
ඒ අනුව පෙරහැර මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී මහනියර හන්දිය දක්වා ගමන් කර, එතැන් සිට 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය සහ කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිතය.
අනතුරුව රාජගිරිය ප්‍රදේශයෙන් මැදවැලිකඩ පාර ඔස්සේ මාදින්නාගොඩට පැමිණ MDH ජයවර්ධන මාවත හරහා නැවත විහාරස්ථානය වෙත පෙරහැර ගමන් කිරීමට නියමිතව තිබේ.
රියදුරන්ට පොලීසියෙන් ඉල්ලීමක්
පෙරහැර වීථි සංචාරය කරන කාලසීමාව තුළ එම මාර්ග භාවිත කරන රියදුරන්ට හැකි පමණින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබේ.
පෙරහැර හේතුවෙන් රථ වාහන ධාවනය සීමා කෙරෙන විකල්ප මාර්ග පිළිබඳ විස්තර පොලීසිය විසින් දැනුම්දී ඇති අතර, එම මාර්ග පහතින් දැක්වේ.




