
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ තමන් සතු විධායක බලය හෝ වෙනත් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානම් පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වෙනසක් සිදුකිරීමේදී අවදානමක් දැරීමට සිදුවන බවයි.
“මගේ විධායක බලය හො අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත කරන්නේ නැහැ. ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම. ඒ කියන්නේ, මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණා. ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් සිද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන.
හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ, බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවට වගකියන්නේ, කවුද? ඒත් පරීක්ෂණ යනවානේ? ඒ තුළ ජීවිත අවදානම තියෙනවා කියලා මම දන්නවා. නමුත් අවදානමක් දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම් ඒක ඉතා හොඳින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒ්කට මම සූදානම්.”
ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම සහ අවශ්‍ය වෙනස්කම් සඳහා අවදානම භාර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.



