උණුසුම් පුවත්

වෙඩි ප්‍රහාරයට ලක්වූ බැකෝ සමන්ගේ මව මරුට

බැකෝ සමන්ගේ මව මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මවට මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

‘බැකෝ සමන්’ ලෙස හඳුන්වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම පිරිස අතර සිටි අයෙකු බව සඳහන් වේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button