
උණුසුම් පුවත්
සාගර කාරියවසම් අත්අඩංගුවට ගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අනාදරයට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.



