
ප්‍රධාන පුවත්
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ.
අද (09) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර, ඒ මහතා මීට පෙර මහර බන්ධනාගාර අධිකාරීවරයා ලෙසත් පුහුණු අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සේනක පල්ලේතැන්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේදී මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳ අධ්‍යයනය සඳහා වන ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇත.
එමෙන්ම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශෝධනය සහ කලෙවිශෝධන කළමනාකරණය සම්බන්ධයෙන්ද ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති ඒ මහතා, මත්ද්‍රව්‍ය දුර්භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින සහ තුර්කිය ඇතුළු රටවල ඩිප්ලෝමා පාඨමාලා රැසක්ද හදාරා තිබේ.



