
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්
මීගමුව දළුපොත ප්‍රදේශයේ පිහිටි පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැග සිටින බවද වාර්තා වන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ අංශ කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව එහි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය වෙත මාරු කර තිබුණි.
මේ අතර ඊයේ (06) රාත්‍රියේ නවමැගසීන් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති අතර, එම සිද්ධියෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කර ඇති බවද වාර්තා විය.
එමෙන්ම අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් වාර්තා වූ අතර, එහිදී රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් රෝහල්ගත කර තිබේ. එසේම බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.



