
ප්‍රධාන පුවත්
රවි සෙනෙවිරත්නට අතුරු තහනම් නියෝගයක්
රවි සෙනෙවිරත්නට අතුරු තහනම් නියෝගයක්
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති රිය අනතුරු නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය නිකුත් කර ඇත්තේ රවි සෙනෙවිරත්න මහතා විසින් ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව, අදාළ ප්රතිශෝධන පෙත්සම පිළිබඳ තීරණයක් ලබාදෙන තෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන එම රිය අනතුරු නඩුවේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.



